මේක මේ අපේ පිහිනුම් ක්‍රීඩාව කරන ලමයෙකුට වෙච්ච සිද්දියක්....මිනිහා හෙන උනන්දුවෙන් මේ ක්‍රීඩාව කරාට කවදාවත් කිසිම සහතිකයක් හෝ පදක්කමක් දිනාගෙන නෑ....මමත් එයා එක්ක එකට පිහිනුම් පුහුනුවීම් කරන කෙනෙක් නිසා මේ සිද්දිය ගැන හොදට දන්නවා...
මිනිහා ඉදලා හිටලා පුහුනුවීම ගියත් ගිය දවසට සෑහෙන මහන්සි වෙලා උනන්දුවෙන් කරනවා.....එකා ටිකක් ඇහැට කනට පේන කොල්ලා නිසා වටේ පිටේ පුහුනුවීම් කරන කෙල්ලොත් මිනිහට අල්ම බැල්ම දදා ඉන්නේ....
මිනිහා දිහා බලනවා...හිනා වෙනවා...
ෂික්!! මුන් එකෙක්වත් මගෙ දිහා නිකමටවත් බලන්නෑනේ....
(කොහෙ බලන්නද අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ ඉන්නකොට)
හරි හරි ඔව් මට තේරෙනවා කාතාවනේ ඕනේ???
හරි හරී...හිටහල්ලකො කියනකන් ඉතින් කොහෙද කලබලේ නේ....
මෙන්න මෙහෙම සිද්දියක් තමා මිනිහට උනේ...
ඔන්න අපි ඉතින් පුහුණුවීම් වලට ගියපු අගහරුවාදා වැනි දවසක තමා මේ සිද්දිය උනේ..
මිනිහා හිටපු ගමන් පිස්සු කෙලිනවා..මම කිව්වේ මෙලෝ සිහියක් නැතුව වැඩ කරනවා....
ඔන්න ඉතින් මිනිහා එදා තුවායක් ගෙනල්ලත් නෑ කියන්නෙ..!!!
මම කිව්වා මගේ එක දෙන්නo කියලා.එදා ඔන්න ඉතින් මැරීගෙන පුහුනුවීම් කරලා , පුහුනුවීම් කරන අනිත් කෙල්ලන් ගේ කෝලම් බලලා , උන් දිහා බල බල ඉදලා මම නෝන්ඩි වෙලා (හැම දාම වෙන වැඩක්) ඔන්න අපි ඉතින් හෝදන කාමරයට ට ආවා(Wash Room)
එක පාරට මේකා කෑගැහුවේ නැද්ද "අඩෝ මගේ ජොකා තෙමිලා!" කියලා.
මේ ගොන් වස්සා ඉතින් ඒකත් ඇදන් තමා පීනලා තියෙන්නේ.
සැ:යු:-
පිහිනුම් ක්‍රීඩාවේ යෙදීමට එයට උචිත හා ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන් ලද අන්දුමක් ඇත... එයට යටින් යට අදුමක් ඇදීම අවශ්‍ය නොවේ.
ඉතින් ජොකා තෙමාගෙන අපිට කෑගහනවා..ඔන්න ඉතින් කොහොම කොහොම හරි හෙන හේමක් දීලා මේකාගෙ මේ ජොකා පොඩ්ඩක් වේල ගත්තා..
ඊට පස්සේ ඉතින් බඩගිනිත් එක්ක නිසා ලග බේකරියට ගිහින් සප්පායන් උනා...යන මග දිගටත් මූ "මගේ ප** කූල් බන්" කිය කිය ගියා.
මුගේ කටේත් කිසි සවරයක් නැති නිසා අර ගෑනු ලමයි දෙතුන්දෙනෙකුටත් ඇහුනා..(විලිලැජ්ජහේ බෑ)
ඔන්න ඉතින් අපි කාලා...බස් රතයකට ගොඩ වෙන්න කියලා බස් නැවතුම්පොලට ආවා..
ඔන්න ඉතින නමෝවිත්තියෙන් බස් එකට ගොඩ වෙලා ටිකක් දුර එනකොට මේකා....
"අඩෝ පට්ට බන්",
"කූල් බන්",
"පට්ට ආතල් බන්" ,වැනි හිස් වචන දොඩන්නට උනා..
බැරිම තැන මගේ අතින් කෑ ගසුනා"මොකද්ද යකෝ තොට තියන පු** අමාරුව" කියලා
අරුත් දේපාරක් හිතන්නැතුව කෑගැහුවනේ
""මගේ ජොකා තාම තෙතයි ඕයි!!!" කියලා...
බස් රථයේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලුවා කන්න වගේ...
.මට මගේ යටි කය නිරිවත් සේ හැගුනි...
"ආයේ නම් මොකා කෑ ගැහුවත් ඉවසලා ඉන්නවා මිසක , දෝශාරෝපනය කරන්නේ නෑ" කියලා මම තදින්ම හිතට ගත්තා


