Saturday, October 20, 2012

‍යකඩ කට

ජීවිතය ගෙවනවා...
ඔව් ගෙවනවා. හැබැයි අත්තටම කිව්වොත් ජීවිතෙ ගෙවනවා නෙවෙයි දුවනවා..
හරියට මඟ ඇරෙන්න ඔන්න මෙන්න තියන කෝච්චියක් පස්සෙන් දුවනවා වගේ..
පින් කරපු එවුන් කලින්ම ස්ටේෂමට එනවා,
අනිත් එවුන් තමා පරක්කු වෙලා අවිල්ලා දුවන්නේ.
දුවන එවුන්ට දුවනවා කියලා වත් තේරෙන්නේ නෑ..
මොකද උන්ගේ පරම චේතනාව කෝච්චියට ගොඩවෙන එක.

ආදරය හොයනවා...
ඔව් හරියට කේක් කඩේක කේක් රස කේක් කෑල්ලක් තෝරනවා වගේ..
සමහර අයට පලවෙනි පාරම රස කෑල්ලක් හම්බෙනවා...

එත් සමහර එවුන්ගේ තියන පව්කාර කමට ලස්සනට අයිසින් දාල තියන කෑලි කන්න හිතෙනවා...
උන්ට ඒවා කෑවට පස්සෙ තමා හිතෙන්නෙ අයිසින් දාලා ලස්සනට රස පාටට තිබුනට,
 කලින් කාපු කෑල්ල තරම් රස නැති බව.

 සමහර එවුන්ට සිරාවටම ඉස්සෙල්ලම කන කෑල්ල රස නැති වෙන්න පුලුවන්...
උන් ඉතින් දෙවෙනි තුන්වෙනි කෑලි කෑවම උන්ට උන්ගේ රස කෑල්ල හම්බවෙනවා...

ඒත් සමහර එවුන්ට කොච්චර කෑවත් රස කෑල්ලක් හොයාගන්න බෑ 

මොකද උන් ලද දෙයින් සතුටුවෙන්න බැරි තරම් මූසලයින් නිසා...

එයිනුත් සමහර එවුන්ට තමන් ආස රස කෑල්ලක් හම්බවෙනවා...
එත් කේක් කාලා කාලා බඩ පිරිලා නිසා උන්ට තමන් ආස රස තියන කෑල්ල හ්ම්බුනත් කන්න බෑ (උන්ට ඉතින් sorry.com  තමා)

ඔන්න ඔය අතරේ කේක් දිරවන්නැති එවුනුත් අපිට හම්බ වෙනවාඑත් කේක් කාලා කාලා බඩ පිරිලා නිසා එ ඒ කෑල්ල කන්න බැරුව යනවා.

අපි සල්ලි හොයනවා..
 "තොපිට කියන්න...මම එක එක විදිහේ සල්ලි හොයන එවුන් දැකලා තියනවා"
  • වැවක මාලු දිහා බලන් ඉන්නවා වගේ සල්ලි හොයන අය.
  • දවස් දෙකකින් කාල නති බල්ලෙක් කෑම හොයනවා වගේ සල්ලි හොයන අය.
  • කොටියෙක් තමන්ගෙ දවසේ බඩගින්න නිවා ගන්න මුවෙක් හොයනවා වගේ සල්ලි හොයන අය.
     
  • තව ඉන්නවා තමන්ට සල්ලි තියනවා කියලා අනිත් අයට පෙන්නන්න ඕන නිසා සල්ලි හොයන අය.
     
  •  සමහරු හෙට දවසේ පන ගැටගහගන්න සල්ලි හොයනවා.

 

ඉඳා උබට හිතෙනවා නම් කියවපන්..!!!!


ජීවත් වෙයන්.. 
  • තමන්ට තමන් ගැන ආඩම්බර හිතෙන විදිහට
  •  තව එකෙකුට කරදරයක් නොවෙන විදිහට
  • තමන්ගේ නිදහස රැකෙන විදිහට
  • ලබෙන ගැරැහුම් ආශිර්වාදයක් වෙන විදිහට
  • තව එකෙකුට ආදර්ශයක් ගන්න පුලුවන් විදිහට
  • අනුකරණය කරන්න ගිහින් තමා කියන පුද්ගලයා නැති නොවෙන විදිහට
  • කටුස්සෙක් වගේ පාට වෙනස් නොකරන විඩිහට
  • තව එකෙකුට තමන් ව විශ්වාස කරන්න පුලුවන් වෙන විදිහට
  •  වැදූ අම්මට දුකක් නොදෙන විදිහට
  • ලෙඩෙක් වෙලා නොමැරෙන විදිහට
  • ආදරේ ලබන්න වටින කෙනෙක් විදිහට
  • පරිණත බුද්ධියක් ඇති මිනිහෙක්
"තමන් දකින ලස්සන තමන් තුලින් දකින, ජීවිතය නම් ක්‍රියාදාම චිත්‍රපටියේ වීරයා තමන් වන ලෙසට."


උඹේ සීමාවේ ඉඳපන්...
උගන්නන්නේ ගුරුවරයෙක් නම් උඹ ගෝලයෙක් වෙයන්, 
උඹ ජීවත් වෙන සමාජය අනුමත නොකරන දේවල් කරන්න යන්න ගිහින් ජීවිතය විඳවන්න එපා... 
අයුතු යෝජනාවක් ආවොත් ප්‍රතික්ශේප කරන්න පුලුවන් තරමට හිත ශක්තිමත් කරගනින්.
උඹ උඹේ වයසට ගැලපෙන දේ කරපන්...
තමන් ඉන්න තැන , තමාට යන්න පුලුවන් තැන, විශේෂයේන්ම තමන්ට දෙපැත්තට වනෙන්න පුලුවන් කොරිඩෝවේ පළල දැනගනින්.


උඹේ වැරද්දකුත් නෑ බo..!
අපි මේ මෙතන මොන අපබ්‍රන්සෙ ගැහුවත් මේ කියන ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ සමාජය මේක හරි මේක වැරදියි  කියලා කියන නිසානේ..
මේ පවතින සමාජ ක්‍රමය එහෙම්පිටින්ම වෙනස් උනොත් මම ගැහුවේ මොන බයිලයක්ද කියලා හිතෙයි..
මට නම් මේ මිනිස්සු කුහකයි කියලා දැනෙනවා.
මිනිස්සු තමන්ට වඩා අනුන් කරන දේවල් ගැන උනන්දු වෙන නිසානේ අපිට මේ වගේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.. 

අපි කරන සමහර දේවල් අපි කරන්නේ අත්තටම අපිට කරන්න ඕන නිසා නෙවෙයි නේ, 
ඒ දේ මෙහෙම කළ යුතුයි කියලා සමාජයේ පොදු මතයක් තියන නිසා නේ.
 ඔලුව අවුල් කරගන්නැතුව ජීවත් වෙයන් ඒ ඇති!

"මම කිව්වේ මෙන්න මේක ගැන කියලා මම හරියටම කියන්නෑ...
කියන්න තේරෙන්නෙත් නෑ"



 


Sunday, September 2, 2012

අඩෝ මම කටුකැලේ!

ඔන්න ඉතින් ඉඳලා ඉඳලා හොද කතාවක් හම්බවෙනකන් මම බ්ලොග් එකක් ලියන්න බලාගෙන හිටියේ.. දන්නවනේ මම ඉතින් වැඩිය කතා ලියන්න දන්න කෙනෙක් නෙවෙයි කියලා.  අනික මේ අ.පො.ස- උසස් පෙළ නිසා මට ඉතින් මේ වගේ දේවල් ලියන්න තියන වෙලාවත් අඩුයි..  මේ නිවාඩු කාලෙත් අමතර පන්ති සහ අනෙකුත් වැඩ නිසා පරිඝණකය ලඟටවත් එන්න හම්බෙනේ නෑ.. හරි..හරි..මම කතාවට බහින්නම් කෝ...
*මෙන්න මේකයි සිද්දිය...*


දිනය :- 2012-08-26 (ඉරිදා)
වෙලාව :- පෙ.ව 06.00.
ස්ථානය :- මහනුවර දුම්රිය ස්ථානය.

ඔන්න ඉතින් එදා මමයි මගේ යාලුවෝ 4 දෙනෙකුයි නුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීග්‍රඝාමී දුම්රියේ තෙවන පන්තියේ ටිකට් පත් රැගෙන දුම්රියට ගොඩ උනා. ඔන්න ඉතින් අපිට ආසන හිමි කර ගැනීමේ අවස්ථාව මග හැරුනු නිසා හිටගෙන කඩේ දාගෙන උන්නා.. එතනදී එක් ආසනයක ඉඳගෙන සිටි කාන්තාවක් තම දරුවන් තිදෙනාත් රැගෙන වෙනත් ආසනයකට ගියා.. නමුත් එම කාන්තාව දෙවනියට ඉඳ ගත්ත ආසනය දුම්රිය ගමන් කරන දිසාවට ප්‍රතිවිරුද්ධ දිසාවට හරුණු එකක් විය. ඒ නිසා එම කාන්තාව තම විතැන්වීම පිළිබඳ වඩි ප්‍රසාදයක් නොදක්වන ඇගේ මුහුණින් මට දිස්විය. 

*ඉක්බිති එතනට ඒ කාන්තාව ගේ ස්වාමි පුරුෂයා පමිණියේ ය. ඉතින් මේ කාන්තාව තමාගේ ආසනය ගැන ස්වාමි පුරුෂයා සමග මැසිවිලි නගන්නට විය*


සැ:යු:- මෙම කතාවට සම්බන්ධ කාන්තාව "සොකරී" ලෙසත්  
ඇගේ ස්වාමියා "ජසයා" ලෙසත් උපකල්පනය කර මම මේ කතාව ලියන්නම් හරිය.



එම කාන්තාව (සොකරී)
*අවු: 1ක , 3ක , 5ක පමණ දරුවන් තිදෙනෙක් සමග විය.
*වයස අවු: 35ක පමණ මෙනුමකින් යුක්තය.

ඇගේ ස්වාමියා (ජසයා)
*අවු;35ක පමණ මෙනුමකින් යුක්තය.
*කොල පාට කමිසයක් හා රතුපාට කලිසමක් අඳ සිටියේය.

ඉන් පසු එම ජසයා   එයාගේ නෝනා කලින් වාඩි වෙලා හිටපු තැනට ගිහින් නැවතත් එම ආසනය ඉල්ලුවා....  ඊට පස්සේ එතන හිටපු කාන්තාව බෑ කිව්වා..

ජසයා  ආයෙත් ඉල්ලුව (ටිකක් විතර සරෙන්) ඒ සැරෙත් එම කාන්තාව ප්‍රතික්ෂේප කරා. එතකොට ජසයාට පොඩ්ක් විතර මළ පැන්නා..ඒ බව දුටු අර කාන්තාවගේ ස්වාමියා ජසයාට පැහදිලි කර දීමට උත්සහ කරා.. ඒ දෙදෙනා අතර මෙවැනි සoවාදයක් ගොඩ නැහුනා.


 මහත්මයා 01 :- ඔබතුමාගේ නෝනා මෙතනින් නැගිටලා ගිහින් අතන ඉඳ ගත්තානේ. එතකොට මේයා
                        මෙතන ඉඳගත්තා. ඉතින් ප්‍රෂ්නේ ඉවරයි නේ.

ජසයා             :- නෑ නෑ ඔයා ඔතනින් නැගිටින්න
                         *සොකරී දේස බලා*
                          ඔයා එන්න මෙතනින් ඉඳගන්න.

මහත්මයා 01  :- මහත්මයා කරුණාකරලා අහන්න ඔබතුමාගේ බිරිඳ මෙතනින් නැගිටලා ගියාට පස්සෙනේ                                                          


                          මේයා මෙතන ඉඳ ගත්තේ.....දැන් එතන ඉන්නේ එයා.

ජසයා             :- *ඒ පාර ජසයාට තරහා ගිහින්*
                           අඩෝ එහෙම කොහොමද තමුසේ කියන්නේ ආ????

                            උඹ දන්නවද අඩෝ මම කටු කැලේ!!

ජසයා එහෙම කියලා කෑගහපු පාර එතන හිටපු මුස්ලිම් මහත්මයෙක් සීන් එකට එන්ටර් උනේ මෙන්න මෙහෙම කෑගසමින්..
"අඩෝ මේ ඔයා ඒම කාතා කරාන එපා එරිද..එ තමුශේ දන්නවද අපිත් මුල් ගම්පල එරිද..උබේ ෂද්දේ ගීල්ලා තියා ගන්නවා තමුශෙගේ ගමේ..ඒවා මේට ගේන්න යෙපා එරිද...මේක මිනීශ්ශු ඔක්කොම යන කෝචියක්..තමුෂේ ගේදර පලයන්"

ඒත් සමග ගැටුම තව දුරටත් උත්සන්න වෙලා හිටපු සිකුරිටි මහත්මයින් දෙන්නෙක් විසින් ජසයාව ඇදගෙන ගිහින් එලියට දැම්මා...අපිටත් ඉතින් මොකෝ අපෙත් කට හොඳ නෑ නෙව...
                 "කටු කැලේ එවුන් දාලද දන්නෑ නේ???"

               "කටු කැලේ ලොකුද??"
                 "අපිත් භහිරව කන්දේ"
        "වස නෝන්ඩිය"
                                                                       "ඉල්ලගෙන කෑවා"  වැනි උධාන වක්‍යයන් ගෙන් සoග්‍රහ කරා.
සොකරීට මළ පැනල නැගිට්ටා...අපි හිතුවා අපි කියපු ඒවා ඇහිලා අපිට කෙලින්න නැගිට්ටා කියලා...වෙලාවට අපිට නෙවෙයි. සොකරී නැගිටලා මහත්මයා-01 දෙස ඔරවලා බැලුවා..ඊට පස්සේ තමයි හොඳම seen එක
මහත්මයා-01 හා සොකරී අතර අතිවූ සවාදය මෙසේ විය..

       සොකරී    - මොකද මිනිහෝ තමුසෙට වෙලා තියෙන්නේ
මහත්මයා-01   - තමුසෙත් එක්ක මට කතාවක් නෑ ගිහින් තමුසෙගෙ මිනිහව හදා ගනින්!
       සොකරී    - තමුසෙ පිරිමියෙක්ද යකෝ??
මහත්මයා-01  - නිකන් බොරුවට කෑ ගහන්න එපා..
       සොකරී    - තමුසේ මහා පො**යෙක් යකෝ!
                      (***මහත්තයා-01 පුටුවෙන් නැගිට්ටා***)
      සොකරී    - ඇයි තමුසේ නැගිට්ටේ මට ගහන්නද???
මහත්මයා-01 - තොපි වගේ වෙ*යොන්ට ගහලා අපි අත් ජරා කරගන්නෑ ගෑනියේ.
      සොකරී    - තෝ මහ කොන්ද පන නැති පො**යෙක් යකෝ..
මහත්මයෙක්  - ඔන ඔය පො#@$@ හු#$%^&*)(*&^#%* කට වහගන්න කියපන් මෙතන අපේ දරුවෝ                 
                         ඉන්නවා.
       (එ මහත්මයා ඒක කියපු විඩ්ගිහට මට හිතුනා එක නොකියා අර මිනිස්සු කියන මගුලක් අහගෙන හිටියා නම් හොඳයි කියලා..මොකද එයා ඔක්කොටම හපන් එකක් කියලා කෑ ගහපු නිසා..)

ඒ පාර භය වෙච්ච සොකරී ස්ද්දේ ටිකක් අඩු කරලා ශේප් එකේ ඉනද ගත්තා මොනවදෝ මුමුන මුමුන..මෙන්න බොලේ ටිකක් වෙලා යද්දි මේ ගෑනි අඬන්න පටන් ගත්තා.. මාර සීන් එක කියපු දේ මට පැහැදිලි උනේ නෑ ඒත් අඬ අඬ ඉඳ ගත්තා... අපේ එකෙක්ක් ට කට පියාගෙන ඉන්න බැරුව.. "ආ ඒපාර අඬන මූනක් දාගෙන" කියලා කිව්වා. වටේ පිටේ මිනිස්සු ඔක්කොම අපි දිහා බැලුවේ කන්න වගේ වස ලැජ්ජාවයි. මොනවා කරන්නද ෂේප් එකේ මාරු වෙලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මම කෝච්චියේ දොර ගාවට ආවා.ඊට පස්සේ සොකරීව නලවන්න එතන වැඩ කරපු සෙකුරුටි මහත්තයෙක් ආවා...එයා කිව්වේ මෙන්න මෙහෙමයි...
"නෝනා මෙතන නිකන් බොරුවට අඬන්න එපා.. ඔයාගෙ මහත්තයා අතන සද්දේ දාලා, පෝලිම් පැනලා ටිකට් අරගෙන, අත්න මහත්තුරුන්ටත් සද්දයක් දාලා ප්ලැට් පෝම් ටිකට් එකක් වත් නැතුව අතුලට ආපු ඒවා ඔක්කොම අපි දන්නවා..ඒක නිසා දැන් බොරුවට මෙතන අඬන්න එපා.. ඔයාලා වගේ මිනිස්සු මේ කෝච්චියෙ යන අනිත් අයටත් හිරිහැරයක් " 

ඒ උන්නැහේ එහෙම කිව්වට අපිට නම් එක ෆිල්ම් එකක් වගේ.. අනික උදේ පාන්දර. අපිට නම්  එල..

ඔන්න ඔහොමයි එදා මහනුවර, කොළඹ සීඝ්‍රග්‍රාමී දුම්රියෙ ගමන ආරම්භ උනේ...

Tuesday, July 31, 2012

aat ආදරය


ඔන්න පොඩි එකාට අද ලියන්න කල්පනා උනේ ජීවිතේ කෙටි කාලයකට ආශ්‍රය කරන්න ලැබුනු අමුතු චරිතයක් ගැන. මෙහෙමයි ඉස්සෙල්ලාම මිනිහාව මුන ගසුනු විදිහ සහ ඒකට පදනම වටුනේ කොහොමද කියලා කියන්නo..
                           ඔන්න ඉතින් පොඩි එකා ස/පෙ කරලා ඉවර වෙලා ප්‍රසිද්ද ආයතනයකට ගියා aat පඨමාලාව හදාරන්න කියලා. ඒකේ පළවෙනි අදියර සමත් වෙලා ඕන් දෙවෙනි අදියර කරන්න මට වරම් ලබුනා...(හැබැයි දෙවෙනි එක අනා ගත්තා, ඒක වෙනම කතාවක්) ඔන්න ඉතින් ෆුල් බොක්කෙන් මම දෙවෙනි අදියරේ පළැවෙනි දවසේ ගියා මම full form වෙලා හිටියේ (එහි අර්තය මම අතිශය ලෙස අභිප්‍රේරණය වී සිටි බවයි , වරදවා වටහා ගන්න එපා). 
                                                                                 එදා පන්තියට ගිහින් ඉඳ ගත්ත වෙලාවෙ තමා මම මිනිහව ඉස්සෙල්ලාම දැක්කේ.. කොට T-Shirt එකක් අඳගෙන පරණ ඩෙනිමකුත් අඳගෙන සෙරෙප්පු දෙකක් දාගෙන හිටියෙ..දැක්කහම හෙන අහින්oසක චරිතයක් වගේ පේනවා...ඔන්න ඉතින් පන්තිය පටන් ගත්ත ගමන් අපිට තිබ්බ පළවෙනි විශය තමයි නීතිය.නීතිය උගන්නන්න ආපු සර් හරිම විහිලු කාරයෙක්... හරිම විනෝදෙන් පන්තිය කරගෙන යන ගොඩාක් දක්ශ සර් කෙනෙක්...ඉතින් එයාගෙ විහිලු වලට හැමෝටම හිනා යනවා..අර මම උක්ත කී චරිතයේ හිනාව මම ඉස්සෙල්ලාම දැක්කේ එදා... බොල හිනා දැකලා තියනවා මෙහෙමත් හිනාවක් දැකලා තිබ්බේ නෑ මගෙ ජීවිතේට. (මම කෙනෙක්ගේ හිනාව උපහාසයට ලක් කරනවා එහෙම නෙවෙයි විස්තර කරන්නේ හොඳේ )
                                                                                                          මම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දිහා හොඳට බලනවා. ඉතින් මිනිහා දිහා බැලුවාම මට තෙරුනා හඟීම් වැඩිය පාලනය කරන්න පුලුවන් චරිතයක් නෙවෙයි කියලා. මොකද මිනිහා පොඩි දේටත් හයියෙන් හිනාවෙනවා...  බීපු ඩයල් එකක් වගේ කියපු එක ආයෙ ආයෙ කිය කිය හිනා වෙනවා. මිනිහගේ හිනාව දැකලා අපිට හිනා.  එදා  ඉතින් විවේකය දුන්නා. අපි ඉතින් කොල්ලෝ නේ කවදාවත් කෙල්ලෝ වගේ තනියම බත් න් දහවක් කන්නේ නෑනේ. ඉතින් මමයි අර පොරයි සෙට් උනා කන්න කියලා....අර සර් පන්තියෙදී කියපු විහිලු පන්තියටම අහෙන්න කිය කිය මේ පොර හිනාවෙනවා. (බත් කනකොට කතා කරන එක මට මාර පිළිකුල්).. මුගේ සද්දෙට පන්තියේ ඔක්කොම ගෑනු ළමයි සහ පිරිමි ළමයි අපේ දිහා බලනවා.  මූත් එක්ක හිටියොත් මගෙ කලිසම විතරක් නෙවෙයි මගේ යට කළිසමත් ගැලවෙන බව මට වැඩි වෙලාවක් යන්න කලින් තේරුනා.ඉතින් මම පුලුවන් තරම් මිනිහව මඟ ඇරියා. කොහෙද මූ කූඬැල්ලා වගේ එල්ලීගෙන එනවා නේ. 


Love Chapter (01) - Stranger
අපේ පන්තියට ආවා උපුලී කියලා අක්කා කෙනෙක්. අර පොරගෙ වයසෙමයි. ඒ අක්කි හරිම ලස්සනයි. ලස්සනයි කිව්වට එහෙමමත් නෑ ඒත් ඇහැට කනට පේන කෙල්ල හරිය. එයා ආවෙ class එකේ දෙවෙනි දවසේ. ඉතින් ආපු පළවෙනි දවසෙම මාත් එක්ක fit උනා, මොකද එයා මගෙන් තමා කලින් සතියෙ notes ඉල්ලුවෙ.මගෙත් හිත උනු වෙච්ච නිසා දුන්නා. ඔන්න ඉතින් එදා ඉඳන් ඒ අක්කයි මායි හෙන යාලුවො. අර මම ඉස්සර වෙලා කියපු අයියටත් ලොකූ ආසාවක් තිබ්බ මේ අක්කත් එක්ක යාලු වෙන්න. ඉතින් ඒ දෙන්නත් යාලුවො උනා.. උනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා! ඒක කොහොමහරි එහෙම උනා හරිය. කොල්ලා වැඩ කාරයා කියල මට එදා තේරුනා.

Love Chapter (02) - Partner
මේ දෙන්නා ඉතින් පන්තියට එකට එනවා...කතා කර කර ඉන්නවා, යද්දිත් එකට යන්නේ, සටහන් එහෙම මාරු කරගන්නවා. ඉතින් ඔහොම කරගෙන ගියා.  මට ඒ දෙන්නා අතරේ එහෙම අදරයක් පෙනුනේ නෑ හරියට නිකන් හොඳ යාළුවෝ වගේ තමා පෙනුනේ. මොකද ආදරේ කරනවා නන් අතරේ ඊට වඩා සමීප සම්බන්දතාවක් තියෙන්න එපැයි.

Love Chapter (03) - Final Destination
ඔන්න ඉතින් විභාගයට මාසයක් වෙන්නත් ආවා. මමත් ඉතින් පස්ස උඩ දාගෙන ( ඒ කිව්වේ සෑහෙන මහන්සි වෙලා කියන එක හරිය )පාඩම් කරන්න , වැඩ කරන්න පටන් ගත්තා. අනිත් අයත් එහෙමයි. අර අයියා කාරයා රස්සාවකුත් කරපු නිසා පන්තියේ වැඩ ගොඩාක් අතපසු උනා. අර අක්කා පොඩ්ඩ ඉතින් සටහන් එහෙම පොටෝ කොපි ගහලා දෙන නිසා ඉතින් මිනිහට පන්ති ආවෙ නෑ කියලා පාඩුවක් උනේ නෑ.
ඔන්න ඉතින් විභහගෙට අයදුම් පත් භාර දෙන දවසෙ අර අක්කා , ඒ අයියට හමුදාවේ මාමලා දන ජාතියේ සපත්තුවක් තෑගි වශයෙන් දීලා තිබුනා (බූට් එකක්) .
                                                                          එදා අයියා පන්තියට ආවේ full අස්පට් එකෙන් පව් අසරණයා. ඕක තමයි කියන්නේ කෙල්ලොන්ව විශ්වාස කරන්න එපා කියලා. ඉතින් හිතේ තිබ්බ අස්පට් එකට මිනිහට එක විෂයකට අයදුම් කරන්න අමතක වෙලා. ඉතින් තව පාරක් විභාගේ ලියන්න උනා..මට ඉතින් ඉන්න බෑනේ..මම ඉතින් වැඩි දුර පරීක්ෂණ කරලා බැලුවා...එතකොට මට හෙළිදරව් උනේ ඒ අක්කා, අයියාව අශ්‍රය කරේ යහළුවෙක් විදිහට පමණක් හා ඒ දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් තිබූ නොමැති බවත් ය.
මෙවැනි කෙටි කාලීන සම්බන්ධතා තව කොච්චර නම් ඇත්ද. වැඩකට ඇති දෙයක්යැ කර ගත්තේ?. නිකන් අපරාදේ ගෑනු පරාණයක් නිසා නාස්ති උනා. එකක් කියන්නද මට හිතෙන විදිහට. ආදරය අති වෙන්න ඕනේ කාලයත් එක්ක අතිවන සමීපත්වයත් එක්ක මිසක්, හදිස්සියෙ දකින රූපයක් එක්ක නෙවෙයි.


"පොඩි එකා වෙලත් මට තෙරෙන තරම් මේ ලොකු එවුන්ට තේරෙන්නැති එකනේ ප්‍රශ්නේ!"

Tuesday, July 17, 2012

රත්තරන් දුවේ




 උඹේ ඇස් වලින් මේ ලොව දුටුව           දිනේ
සෙනෙහස වැඩිවී නෙත් කඳුලින්    පෙඟුනේ
ලේ කිරි කරලයි අම්මා කිරි                දුන්නේ
නුඹ රජ කර ලන්නයි දහ දුක්              වින්දේ


 පුන්චි   කාලෙදී   උඹ   මං  තියන්                කරේ
නුඹේ   සිනහවයි   මා   ජීවත්                 කෙරුවේ
සුරන්  ගනාවියක්   වගෙයි   නුඹ              හැදුවේ
හිඟ   කම්   කියා   නොබනිම්   රත්තරන්     දුවේ


අග  හිඟ  කම්  කෙතරම්  ආවත්              අපට
අතපසු  උනේ  නෑ  තියන්න  නුඹ          සැපට
කටට  රහට   බත්  යනකොට  නුම්බෙ    කටට
හෙලූ  දහඩිය  ගත  හැක  මැටි          කළයකට


අද  බලන්න  ඔබ  ලොකු  තරුනියක්         වෙලා
නුඹේ  දෙමව්පියො  නුඹෙ  සේවකයො     වෙලා
එන  භවයෙත්  ඉපදීපන්  මගේම               වෙලා
රත්තරන්  දුවේ  අද  උඹ  වෙනස්              වෙලා


නොදනුවත්ව   රාගෙන්  මත්              උනාට
යහලුවන්  සමග  රැල්ලට                   උනාට
කොල්ලන්  නිතැතින්  දොඩමලු        උනාට
උඹේ පව් නොදීපන් උඹෙ                අම්මාට


විච්චූරණ   කෑලි   ඇඳ   තොරණක්           විලස
අස්   පුච්ච්න   පාට   ඇද   මොණරෙක්     විලස
ඉඟ   පද්දන   හැටි   උඹ   කොරයෙක්      විලස
අඳුමක්  ඇඳපන්   විලි   වැහෙනා              විලස


කවදාවත්   මම   නෑ   අහිතක්                    පතුවේ
සමදා   නුඹෙ   යහපත   මම   සිහි           කෙරුවේ
මං   මේ   කියූ   වැදි   බන   රත්තරන්            දුවේ
අම්මා   කෙනෙක්   උන   දා   වැටහෙයි     රිසිසේ

Tuesday, June 12, 2012

සිසිල් ජොකා


ඔන්න ඉතින් මමත් මට වෙලාවක් හම්බුන වෙලාවෙ මේ අපේ කොලුවෙක්ට වුන පොඩි සිද්දියක් මේ වෙබ් පිටුවේ අපේ යාලුවන්ට කියවන්න කියල ලියන්න හිතුනා...
මේක මේ අපේ පිහිනුම් ක්‍රීඩාව කරන ලමයෙකුට වෙච්ච සිද්දියක්....මිනිහා හෙන උනන්දුවෙන් මේ ක්‍රීඩාව කරාට කවදාවත් කිසිම සහතිකයක් හෝ පදක්කමක් දිනාගෙන නෑ....මමත් එයා එක්ක එකට පිහිනුම් පුහුනුවීම් කරන කෙනෙක් නිසා මේ සිද්දිය ගැන හොදට දන්නවා...
මිනිහා ඉදලා හිටලා පුහුනුවීම ගියත් ගිය දවසට සෑහෙන මහන්සි වෙලා උනන්දුවෙන් කරනවා.....එකා ටිකක් ඇහැට කනට පේන කොල්ලා නිසා වටේ පිටේ පුහුනුවීම් කරන කෙල්ලොත් මිනිහට අල්ම බැල්ම දදා ඉන්නේ....
මිනිහා දිහා බලනවා...හිනා වෙනවා...
ෂික්!! මුන් එකෙක්වත් මගෙ දිහා නිකමටවත් බලන්නෑනේ....

(කොහෙ බලන්නද අපායට ගහපු කැලෙන්ඩරයක් වගේ ඉන්නකොට)

හරි හරි ඔව් මට තේරෙනවා කාතාවනේ ඕනේ???
හරි හරී...හිටහල්ලකො කියනකන් ඉතින් කොහෙද කලබලේ නේ....

මෙන්න මෙහෙම සිද්දියක් තමා මිනිහට උනේ...
ඔන්න අපි ඉතින් පුහුණුවීම් වලට ගියපු අගහරුවාදා වැනි දවසක තමා මේ සිද්දිය උනේ..

මිනිහා හිටපු ගමන් පිස්සු කෙලිනවා..මම කිව්වේ මෙලෝ සිහියක් නැතුව වැඩ කරනවා....
ඔන්න ඉතින් මිනිහා එදා තුවායක් ගෙනල්ලත් නෑ කියන්නෙ..!!!



එක පාරට මේකා කෑගැහුවේ නැද්ද "අඩෝ මගේ ජොකා තෙමිලා!" කියලා.
මේ ගොන් වස්සා ඉතින් ඒකත් ඇදන් තමා පීනලා තියෙන්නේ.
සැ:යු:-
       පිහිනුම් ක්‍රීඩාවේ යෙදීමට එයට උචිත හා ඒ වෙනුවෙන්ම නිර්මාණය කරන් ලද අන්දුමක් ඇත... එයට යටින් යට අදුමක් ඇදීම අවශ්‍ය නොවේ.

ඉතින් ජොකා තෙමාගෙන අපිට කෑගහනවා..ඔන්න ඉතින් කොහොම කොහොම හරි හෙන හේමක් දීලා මේකාගෙ මේ ජොකා පොඩ්ඩක් වේල ගත්තා..
ඊට පස්සේ ඉතින් බඩගිනිත් එක්ක නිසා ලග බේකරියට ගිහින් සප්පායන් උනා...යන මග දිගටත් මූ "මගේ ප** කූල්  බන්" කිය කිය ගියා.
මුගේ කටේත් කිසි සවරයක් නැති නිසා අර ගෑනු ලමයි දෙතුන්දෙනෙකුටත් ඇහුනා..(විලිලැජ්ජහේ බෑ)

ඔන්න ඉතින් අපි කාලා...බස් රතයකට ගොඩ වෙන්න කියලා බස් නැවතුම්පොලට ආවා..
ඔන්න ඉතින නමෝවිත්තියෙන් බස් එකට ගොඩ වෙලා ටිකක් දුර එනකොට මේකා....
"අඩෝ පට්ට බන්",
"කූල් බන්",
"පට්ට ආතල් බන්" ,වැනි හිස් වචන දොඩන්නට උනා..
බැරිම තැන මගේ අතින් කෑ ගසුනා"මොකද්ද යකෝ තොට තියන පු** අමාරුව" කියලා
අරුත් දේපාරක් හිතන්නැතුව කෑගැහුවනේ
""මගේ ජොකා තාම තෙතයි ඕයි!!!" කියලා...
බස් රථයේ මිනිස්සු ඔක්කොම අපි දිහා බලුවා කන්න වගේ...
.මට මගේ යටි කය නිරිවත් සේ හැගුනි...

"ආයේ නම් මොකා කෑ ගැහුවත් ඉවසලා ඉන්නවා මිසක , දෝශාරෝපනය කරන්නේ නෑ" කියලා මම තදින්ම හිතට ගත්තා

Saturday, June 2, 2012

වමට ගැහුවා නෙවෙයි (වැදුනා)

මෙන්න මේකයි seen එක...

අපිට ඔන්න සා/පෙ ඉවර උනාට පස්සේ හෙන දිග.........නිවාඩුවක් හම්බුනා නේ...
ඉතින් එකට පස්සේ ඔන්න ඉස් ඉස්සෙල්ලාම කියල ඉස්කෝලෙට ගියා....
හරි සතුටින් පන්ති වලට ගිහින් ඉදගත්තා..(උ/පෙ ට  A3ක් ගන්නවා කියල හිතාගෙන.(දැන් නම් ඒ අදහස නෑ එත් එදා තිබ්බා)....ඔන්න ඉතින් අපේ පන්ති භාර ගුරුතුමිය විදිහට සූ.නා.මිය තේරී පත්වූසේක...
ඔන් ඉතින් ගුරුතුමී ගේ පළමු ධර්ම දේශනාවේ දී එතුමිය අපිට කිව්වේ Group Project එක සතියක් අතුලත වෙන්න ඕනේ කියලා..ඊට පස්සේ අපිව කණ්ඩායම් වලට බෙදුවා...
අපරාදේ කියන්න බෑ
හොද ළමයි ටිකක් මගේ කණ්ඩායමට වැටුනා. ඉතින් අපෙන් අහුවම ඔයාලා මොකද්ද කරන project එක කියලා අපි කිව්වා "අපි බිත්ති අලේප(paint) කරනවා" කියල....

ඊට පස්සේ ඔන්න ඉතින් අපි ගුරුතුමීගෙන් මුදල් එක් රැස් කිරීමේ අවසරය ගත්තා...
ඉතින් ඔන්න ළමයින් ගෙන් එකතු කරලා හෙන ගානක් ගත්ත...ඒකෙන් 1/3ක් විතර තමා ගියේ බිතිති අලේපන මිලදී ගන්න...ඉතින් අපි ඉතුරු සල්ලිත් තියාගෙන ඔන්න ලෙජර් ගිනුම් ශේෂ කරගෙන හිටියා...මොකද අපි අනාගත ගණකාදීකාරවරු නේ ( හිතන් හිටියේ එහෙම‍යි ) ...

තින්ත අලේප කරන දවස (සිකුරාදා)......
ඔන්න ඉතින් එදාහරිම මහන්සියි...5දෙනයි හිටියේ වඩේට....පි හවස 5.30 විතර වෙනකන් තින්ත අලේප කරන කටයුතු වල නිරත උනා.....
ඉතින් කොල්ලො ටිකට හරිම මහන්සියි..
අපේ කල්ටා කිව්ව මචන් මොනවා හරි කන්න ගේන්නද කියලා...(අපිත් ඉතින් එපාම කියයි..) ඉතින් කස්ටියම පොදු එකගතාවයකට ආවා අපි කාබුල් (රොටී ජාතියක්) ගේමු කියලා.....ඉතින් සියලු දෙනාගේ කමත්ත පරිදි කොල්ලෙක් ව කඩේ යවා අපි කාබුල් නැමති රොටී ජාතිය ගෙන්වා ගත්තෙමු....
කස්ටියට පට්ටම බඩගිනියි...ඉතින් අයෙ නෑ ඇදලා අරියා......ඉතින් කට්ටිය වැඩෙත් ලස්සනට ඉවර කරලා කාලා බීලා ගෙදර ගියා කාලා බීලා ස්තුටින් විසිර ගියා..


ඊට පස්සේ දවසේ (සදුදා).....
උදේ පාන්දරම ගුරුතුමී ( සු.නා.මිය ) අහපි "ලාස්සනට වැඩේ කරලා තියනවා කීයක් ගියාද...කීයක් ඉතුරුද කියලා....එදා කල්ටා ආවේ නෑ....එයා තමා සල්ලි එකතු කරේ ඉතින් එයා ගාවනෙ සල්ලි.....මම ඉතින් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව ඒ සල්ලි කල්ටා ගාව යැයි කිව්වෙමි...ගුරුතුමියත් එම පිළිතුරෙන් සෑහීමකට පත්ව නිහඩව සිටියාය...


පහුවදා..... 
අපේ කල්ටා පන්තියට අවිත් කියපි ඒ සල්ලි මගේ ගාව නෑ කියලා....
මමද , ඔහුද , අපේ කන්ඩායමද දෙලෝ රත්වී කල්පනා කරා....
එතකොට තමා මතක් උනේ එදා හවස හොදට කෑවේ ඒ සල්ලි වලින් කියලා..
වෙලවට එදා අපේ ගුරුතුමී අහුවේ නෑ සල්ලි වලට මොකද උනේ කියලා.....

අහුවා නම් එහෙම අපි සේරම කපෝතී..



අපි හිතලා සල්ලී වමට ගහුවෙ නෑ නේ...!!!!!
 

"ඉතින් අත්තටම අපි සල්ලි වමට ගහුවා නෙවෙයි වැදුනා.....!!!"

පළමු post එක


කොහොමද ඉතින්..??
හ්ම්ම්...හොදයි...
මම ඉස්සෙල්ලා මම ගැන කියන්නo කෝ..
මම පොඩි එකා...
වානිජ අoසයෙන් ඉදිරියට යන කෙනෙක්..
මගේ යාලුවෝ ඔක්කොම වගේ බ්ලොග් ලියන නිසා ඕo මටත් හිතුන බ්ලොග් එකක් ලියන්න..

මේක ලියන ප්‍රධානම හේතුව මම අපේ බීටා කුළුවගෙ හෙන රසිකයෙක්..
මම ඉතින් එයාගෙ හම එකක් ම වගේ කියවනවා...
මොකද ගොඩාක් කතා වලට මමත් සම්බන්දයි....

මම ඉතින් හෙන දක්ශයෙක් නෙවෙයි ඒත් පාසල් කාලයෙ මතකයන් මේ අන්තර්ජාල පිටුවේ ලියන්න හිතුවා මොකද පොතක ලිව්වොත් අපේ අම්මා කියවනවා....දන්නවනේ ඉතින් අපි කරන වැඩ අම්මලා කියෙව්වොත් මොකද වෙන්නේ කියලා...
ඉතින් මම හිතුවා blog එකක් පටන් ගන්න..

එසේ සිතා පටන් ගත් blog  එකේ  පලමු post එක මෙසේ අවසන් කරමි