Tuesday, July 17, 2012

රත්තරන් දුවේ




 උඹේ ඇස් වලින් මේ ලොව දුටුව           දිනේ
සෙනෙහස වැඩිවී නෙත් කඳුලින්    පෙඟුනේ
ලේ කිරි කරලයි අම්මා කිරි                දුන්නේ
නුඹ රජ කර ලන්නයි දහ දුක්              වින්දේ


 පුන්චි   කාලෙදී   උඹ   මං  තියන්                කරේ
නුඹේ   සිනහවයි   මා   ජීවත්                 කෙරුවේ
සුරන්  ගනාවියක්   වගෙයි   නුඹ              හැදුවේ
හිඟ   කම්   කියා   නොබනිම්   රත්තරන්     දුවේ


අග  හිඟ  කම්  කෙතරම්  ආවත්              අපට
අතපසු  උනේ  නෑ  තියන්න  නුඹ          සැපට
කටට  රහට   බත්  යනකොට  නුම්බෙ    කටට
හෙලූ  දහඩිය  ගත  හැක  මැටි          කළයකට


අද  බලන්න  ඔබ  ලොකු  තරුනියක්         වෙලා
නුඹේ  දෙමව්පියො  නුඹෙ  සේවකයො     වෙලා
එන  භවයෙත්  ඉපදීපන්  මගේම               වෙලා
රත්තරන්  දුවේ  අද  උඹ  වෙනස්              වෙලා


නොදනුවත්ව   රාගෙන්  මත්              උනාට
යහලුවන්  සමග  රැල්ලට                   උනාට
කොල්ලන්  නිතැතින්  දොඩමලු        උනාට
උඹේ පව් නොදීපන් උඹෙ                අම්මාට


විච්චූරණ   කෑලි   ඇඳ   තොරණක්           විලස
අස්   පුච්ච්න   පාට   ඇද   මොණරෙක්     විලස
ඉඟ   පද්දන   හැටි   උඹ   කොරයෙක්      විලස
අඳුමක්  ඇඳපන්   විලි   වැහෙනා              විලස


කවදාවත්   මම   නෑ   අහිතක්                    පතුවේ
සමදා   නුඹෙ   යහපත   මම   සිහි           කෙරුවේ
මං   මේ   කියූ   වැදි   බන   රත්තරන්            දුවේ
අම්මා   කෙනෙක්   උන   දා   වැටහෙයි     රිසිසේ

1 comment:

  1. අනේ මන්දා. මොනව කියන්නද කියල.

    මේ වර්ඩ් වෙරිෆිකේෂන් මඟුල අයින් කරපන්කෝ ....

    ReplyDelete