Saturday, June 2, 2012

වමට ගැහුවා නෙවෙයි (වැදුනා)

මෙන්න මේකයි seen එක...

අපිට ඔන්න සා/පෙ ඉවර උනාට පස්සේ හෙන දිග.........නිවාඩුවක් හම්බුනා නේ...
ඉතින් එකට පස්සේ ඔන්න ඉස් ඉස්සෙල්ලාම කියල ඉස්කෝලෙට ගියා....
හරි සතුටින් පන්ති වලට ගිහින් ඉදගත්තා..(උ/පෙ ට  A3ක් ගන්නවා කියල හිතාගෙන.(දැන් නම් ඒ අදහස නෑ එත් එදා තිබ්බා)....ඔන්න ඉතින් අපේ පන්ති භාර ගුරුතුමිය විදිහට සූ.නා.මිය තේරී පත්වූසේක...
ඔන් ඉතින් ගුරුතුමී ගේ පළමු ධර්ම දේශනාවේ දී එතුමිය අපිට කිව්වේ Group Project එක සතියක් අතුලත වෙන්න ඕනේ කියලා..ඊට පස්සේ අපිව කණ්ඩායම් වලට බෙදුවා...
අපරාදේ කියන්න බෑ
හොද ළමයි ටිකක් මගේ කණ්ඩායමට වැටුනා. ඉතින් අපෙන් අහුවම ඔයාලා මොකද්ද කරන project එක කියලා අපි කිව්වා "අපි බිත්ති අලේප(paint) කරනවා" කියල....

ඊට පස්සේ ඔන්න ඉතින් අපි ගුරුතුමීගෙන් මුදල් එක් රැස් කිරීමේ අවසරය ගත්තා...
ඉතින් ඔන්න ළමයින් ගෙන් එකතු කරලා හෙන ගානක් ගත්ත...ඒකෙන් 1/3ක් විතර තමා ගියේ බිතිති අලේපන මිලදී ගන්න...ඉතින් අපි ඉතුරු සල්ලිත් තියාගෙන ඔන්න ලෙජර් ගිනුම් ශේෂ කරගෙන හිටියා...මොකද අපි අනාගත ගණකාදීකාරවරු නේ ( හිතන් හිටියේ එහෙම‍යි ) ...

තින්ත අලේප කරන දවස (සිකුරාදා)......
ඔන්න ඉතින් එදාහරිම මහන්සියි...5දෙනයි හිටියේ වඩේට....පි හවස 5.30 විතර වෙනකන් තින්ත අලේප කරන කටයුතු වල නිරත උනා.....
ඉතින් කොල්ලො ටිකට හරිම මහන්සියි..
අපේ කල්ටා කිව්ව මචන් මොනවා හරි කන්න ගේන්නද කියලා...(අපිත් ඉතින් එපාම කියයි..) ඉතින් කස්ටියම පොදු එකගතාවයකට ආවා අපි කාබුල් (රොටී ජාතියක්) ගේමු කියලා.....ඉතින් සියලු දෙනාගේ කමත්ත පරිදි කොල්ලෙක් ව කඩේ යවා අපි කාබුල් නැමති රොටී ජාතිය ගෙන්වා ගත්තෙමු....
කස්ටියට පට්ටම බඩගිනියි...ඉතින් අයෙ නෑ ඇදලා අරියා......ඉතින් කට්ටිය වැඩෙත් ලස්සනට ඉවර කරලා කාලා බීලා ගෙදර ගියා කාලා බීලා ස්තුටින් විසිර ගියා..


ඊට පස්සේ දවසේ (සදුදා).....
උදේ පාන්දරම ගුරුතුමී ( සු.නා.මිය ) අහපි "ලාස්සනට වැඩේ කරලා තියනවා කීයක් ගියාද...කීයක් ඉතුරුද කියලා....එදා කල්ටා ආවේ නෑ....එයා තමා සල්ලි එකතු කරේ ඉතින් එයා ගාවනෙ සල්ලි.....මම ඉතින් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව ඒ සල්ලි කල්ටා ගාව යැයි කිව්වෙමි...ගුරුතුමියත් එම පිළිතුරෙන් සෑහීමකට පත්ව නිහඩව සිටියාය...


පහුවදා..... 
අපේ කල්ටා පන්තියට අවිත් කියපි ඒ සල්ලි මගේ ගාව නෑ කියලා....
මමද , ඔහුද , අපේ කන්ඩායමද දෙලෝ රත්වී කල්පනා කරා....
එතකොට තමා මතක් උනේ එදා හවස හොදට කෑවේ ඒ සල්ලි වලින් කියලා..
වෙලවට එදා අපේ ගුරුතුමී අහුවේ නෑ සල්ලි වලට මොකද උනේ කියලා.....

අහුවා නම් එහෙම අපි සේරම කපෝතී..



අපි හිතලා සල්ලී වමට ගහුවෙ නෑ නේ...!!!!!
 

"ඉතින් අත්තටම අපි සල්ලි වමට ගහුවා නෙවෙයි වැදුනා.....!!!"

2 comments:

  1. අපෝ ... ඒලෙවල් ප්‍රොජෙක්ට් ගැන කියල වැඩක් නෑ.
    ඔයාල වැඩ කරල නේ කෑවෙ, ඒ නිසා කමක් නෑ.

    ReplyDelete
  2. හි....හි...වැඩ කරත් නොකරත් කන ඒක කනවා බන්.....හොර හිත සහ කුපාඩි වැඩ නතර කරන්න බෑ නේ බන්

    ReplyDelete