*මෙන්න මේකයි සිද්දිය...*
දිනය :- 2012-08-26 (ඉරිදා)
වෙලාව :- පෙ.ව 06.00.
ස්ථානය :- මහනුවර දුම්රිය ස්ථානය.
*ඉක්බිති එතනට ඒ කාන්තාව ගේ ස්වාමි පුරුෂයා පමිණියේ ය. ඉතින් මේ කාන්තාව තමාගේ ආසනය ගැන ස්වාමි පුරුෂයා සමග මැසිවිලි නගන්නට විය*
සැ:යු:- මෙම කතාවට සම්බන්ධ කාන්තාව "සොකරී" ලෙසත්
ඇගේ ස්වාමියා "ජසයා" ලෙසත් උපකල්පනය කර මම මේ කතාව ලියන්නම් හරිය.
එම කාන්තාව (සොකරී)
*අවු: 1ක , 3ක , 5ක පමණ දරුවන් තිදෙනෙක් සමග විය.
*වයස අවු: 35ක පමණ මෙනුමකින් යුක්තය.
ඇගේ ස්වාමියා (ජසයා)
*කොල පාට කමිසයක් හා රතුපාට කලිසමක් අඳ සිටියේය.
ජසයා
ආයෙත් ඉල්ලුව (ටිකක් විතර සරෙන්) ඒ සැරෙත් එම කාන්තාව ප්රතික්ෂේප කරා. එතකොට ජසයාට පොඩ්ක් විතර මළ පැන්නා..ඒ බව දුටු අර කාන්තාවගේ ස්වාමියා ජසයාට පැහදිලි කර දීමට උත්සහ කරා.. ඒ දෙදෙනා අතර මෙවැනි සoවාදයක් ගොඩ නැහුනා.
මහත්මයා 01 :- ඔබතුමාගේ නෝනා මෙතනින් නැගිටලා ගිහින් අතන ඉඳ ගත්තානේ. එතකොට මේයා
මෙතන ඉඳගත්තා. ඉතින් ප්රෂ්නේ ඉවරයි නේ.
ජසයා :- නෑ නෑ ඔයා ඔතනින් නැගිටින්න
*සොකරී දේස බලා*
ඔයා එන්න මෙතනින් ඉඳගන්න.
මහත්මයා 01 :- මහත්මයා කරුණාකරලා අහන්න ඔබතුමාගේ බිරිඳ මෙතනින් නැගිටලා ගියාට පස්සෙනේ
මේයා මෙතන ඉඳ ගත්තේ.....දැන් එතන ඉන්නේ එයා.
ජසයා :- *ඒ පාර ජසයාට තරහා ගිහින්*
අඩෝ එහෙම කොහොමද තමුසේ කියන්නේ ආ????
උඹ දන්නවද අඩෝ මම කටු කැලේ!!
ජසයා එහෙම කියලා කෑගහපු පාර එතන හිටපු මුස්ලිම් මහත්මයෙක් සීන් එකට එන්ටර් උනේ මෙන්න මෙහෙම කෑගසමින්..
"අඩෝ මේ ඔයා ඒම කාතා කරාන එපා එරිද..එ තමුශේ දන්නවද අපිත් මුල් ගම්පල එරිද..උබේ ෂද්දේ ගීල්ලා තියා ගන්නවා තමුශෙගේ ගමේ..ඒවා මේට ගේන්න යෙපා එරිද...මේක මිනීශ්ශු ඔක්කොම යන කෝචියක්..තමුෂේ ගේදර පලයන්"
ඒත් සමග ගැටුම තව දුරටත් උත්සන්න වෙලා හිටපු සිකුරිටි මහත්මයින් දෙන්නෙක් විසින් ජසයාව ඇදගෙන ගිහින් එලියට දැම්මා...අපිටත් ඉතින් මොකෝ අපෙත් කට හොඳ නෑ නෙව...
"කටු කැලේ එවුන් දාලද දන්නෑ නේ???"
"කටු කැලේ ලොකුද??"
"අපිත් භහිරව කන්දේ"
"වස නෝන්ඩිය"
"ඉල්ලගෙන කෑවා" වැනි උධාන වක්යයන් ගෙන් සoග්රහ කරා.
සොකරීට මළ පැනල නැගිට්ටා...අපි හිතුවා අපි කියපු ඒවා ඇහිලා අපිට කෙලින්න නැගිට්ටා කියලා...වෙලාවට අපිට නෙවෙයි. සොකරී නැගිටලා මහත්මයා-01 දෙස ඔරවලා බැලුවා..ඊට පස්සේ තමයි හොඳම seen එක
මහත්මයා-01 හා සොකරී අතර අතිවූ සවාදය මෙසේ විය..
සොකරී - මොකද මිනිහෝ තමුසෙට වෙලා තියෙන්නේ
මහත්මයා-01 - තමුසෙත් එක්ක මට කතාවක් නෑ ගිහින් තමුසෙගෙ මිනිහව හදා ගනින්!
සොකරී - තමුසෙ පිරිමියෙක්ද යකෝ??සොකරීට මළ පැනල නැගිට්ටා...අපි හිතුවා අපි කියපු ඒවා ඇහිලා අපිට කෙලින්න නැගිට්ටා කියලා...වෙලාවට අපිට නෙවෙයි. සොකරී නැගිටලා මහත්මයා-01 දෙස ඔරවලා බැලුවා..ඊට පස්සේ තමයි හොඳම seen එක
මහත්මයා-01 හා සොකරී අතර අතිවූ සවාදය මෙසේ විය..
මහත්මයා-01 - තමුසෙත් එක්ක මට කතාවක් නෑ ගිහින් තමුසෙගෙ මිනිහව හදා ගනින්!
මහත්මයා-01 - නිකන් බොරුවට කෑ ගහන්න එපා..
සොකරී - තමුසේ මහා පො**යෙක් යකෝ!
(***මහත්තයා-01 පුටුවෙන් නැගිට්ටා***)
සොකරී - ඇයි තමුසේ නැගිට්ටේ මට ගහන්නද???
මහත්මයා-01 - තොපි වගේ වෙ*යොන්ට ගහලා අපි අත් ජරා කරගන්නෑ ගෑනියේ.
සොකරී - තෝ මහ කොන්ද පන නැති පො**යෙක් යකෝ..
මහත්මයෙක් - ඔන ඔය පො#@$@ හු#$%^&*)(*&^#%* කට වහගන්න කියපන් මෙතන අපේ දරුවෝ
ඉන්නවා.
(එ මහත්මයා ඒක කියපු විඩ්ගිහට මට හිතුනා එක නොකියා අර මිනිස්සු කියන මගුලක් අහගෙන හිටියා නම් හොඳයි කියලා..මොකද එයා ඔක්කොටම හපන් එකක් කියලා කෑ ගහපු නිසා..)
ඒ පාර භය වෙච්ච සොකරී ස්ද්දේ ටිකක් අඩු කරලා ශේප් එකේ ඉනද ගත්තා මොනවදෝ මුමුන මුමුන..මෙන්න බොලේ ටිකක් වෙලා යද්දි මේ ගෑනි අඬන්න පටන් ගත්තා.. මාර සීන් එක කියපු දේ මට පැහැදිලි උනේ නෑ ඒත් අඬ අඬ ඉඳ ගත්තා... අපේ එකෙක්ක් ට කට පියාගෙන ඉන්න බැරුව.. "ආ ඒපාර අඬන මූනක් දාගෙන" කියලා කිව්වා. වටේ පිටේ මිනිස්සු ඔක්කොම අපි දිහා බැලුවේ කන්න වගේ වස ලැජ්ජාවයි. මොනවා කරන්නද ෂේප් එකේ මාරු වෙලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මම කෝච්චියේ දොර ගාවට ආවා.ඊට පස්සේ සොකරීව නලවන්න එතන වැඩ කරපු සෙකුරුටි මහත්තයෙක් ආවා...එයා කිව්වේ මෙන්න මෙහෙමයි...
"නෝනා මෙතන නිකන් බොරුවට අඬන්න එපා.. ඔයාගෙ මහත්තයා අතන සද්දේ දාලා, පෝලිම් පැනලා ටිකට් අරගෙන, අත්න මහත්තුරුන්ටත් සද්දයක් දාලා ප්ලැට් පෝම් ටිකට් එකක් වත් නැතුව අතුලට ආපු ඒවා ඔක්කොම අපි දන්නවා..ඒක නිසා දැන් බොරුවට මෙතන අඬන්න එපා.. ඔයාලා වගේ මිනිස්සු මේ කෝච්චියෙ යන අනිත් අයටත් හිරිහැරයක් "
ඒ උන්නැහේ එහෙම කිව්වට අපිට නම් එක ෆිල්ම් එකක් වගේ.. අනික උදේ පාන්දර. අපිට නම් එල..
ඔන්න ඔහොමයි එදා මහනුවර, කොළඹ සීඝ්රග්රාමී දුම්රියෙ ගමන ආරම්භ උනේ...
ඔන්න ඔහොමයි එදා මහනුවර, කොළඹ සීඝ්රග්රාමී දුම්රියෙ ගමන ආරම්භ උනේ...


මේ වගේ ගොන් ජෝක් කරන මිනිස්සු තාමත් ඉන්නවද බං ලංකාවෙ. ඇත්තටම මුන් ජසය ලෙන්චිනා නාඩගම නටල නෙව ට්රේන් එකේ. පොදු ප්රවාහන සේවාවල යනකොට කව්රුත් එක සමානයි. අනිත් මිනිස්සුන්ට නොමිලේ විහිළු සපයන්නෙ නැතුව යන දේවාලෙක තමන්ගෙ පාඩුවෙ යන්න මේ මිනිස්සු කවද ඉගෙන ගනියිද මන්ද.
ReplyDeleteඔව් සිරා කතාව... රට්ටු හිනස්සනවා හරෙන්න මුන්ට වෙන වැඩ නතුව අති කියලා හිතෙනවා..
ReplyDelete