ඔන්න පොඩි එකාට අද ලියන්න කල්පනා උනේ ජීවිතේ කෙටි කාලයකට ආශ්‍රය කරන්න ලැබුනු අමුතු චරිතයක් ගැන. මෙහෙමයි ඉස්සෙල්ලාම මිනිහාව මුන ගසුනු විදිහ සහ ඒකට පදනම වටුනේ කොහොමද කියලා කියන්නo..
ඔන්න ඉතින් පොඩි එකා ස/පෙ කරලා ඉවර වෙලා ප්‍රසිද්ද ආයතනයකට ගියා aat පඨමාලාව හදාරන්න කියලා. ඒකේ පළවෙනි අදියර සමත් වෙලා ඕන් දෙවෙනි අදියර කරන්න මට වරම් ලබුනා...(හැබැයි දෙවෙනි එක අනා ගත්තා, ඒක වෙනම කතාවක්) ඔන්න ඉතින් ෆුල් බොක්කෙන් මම දෙවෙනි අදියරේ පළැවෙනි දවසේ ගියා මම full form වෙලා හිටියේ (එහි අර්තය මම අතිශය ලෙස අභිප්‍රේරණය වී සිටි බවයි , වරදවා වටහා ගන්න එපා).
එදා පන්තියට ගිහින් ඉඳ ගත්ත වෙලාවෙ තමා මම මිනිහව ඉස්සෙල්ලාම දැක්කේ.. කොට T-Shirt එකක් අඳගෙන පරණ ඩෙනිමකුත් අඳගෙන සෙරෙප්පු දෙකක් දාගෙන හිටියෙ..දැක්කහම හෙන අහින්oසක චරිතයක් වගේ පේනවා...ඔන්න ඉතින් පන්තිය පටන් ගත්ත ගමන් අපිට තිබ්බ පළවෙනි විශය තමයි නීතිය.නීතිය උගන්නන්න ආපු සර් හරිම විහිලු කාරයෙක්... හරිම විනෝදෙන් පන්තිය කරගෙන යන ගොඩාක් දක්ශ සර් කෙනෙක්...ඉතින් එයාගෙ විහිලු වලට හැමෝටම හිනා යනවා..අර මම උක්ත කී චරිතයේ හිනාව මම ඉස්සෙල්ලාම දැක්කේ එදා... බොල හිනා දැකලා තියනවා මෙහෙමත් හිනාවක් දැකලා තිබ්බේ නෑ මගෙ ජීවිතේට. (මම කෙනෙක්ගේ හිනාව උපහාසයට ලක් කරනවා එහෙම නෙවෙයි විස්තර කරන්නේ හොඳේ )
මම සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දිහා හොඳට බලනවා. ඉතින් මිනිහා දිහා බැලුවාම මට තෙරුනා හඟීම් වැඩිය පාලනය කරන්න පුලුවන් චරිතයක් නෙවෙයි කියලා. මොකද මිනිහා පොඩි දේටත් හයියෙන් හිනාවෙනවා... බීපු ඩයල් එකක් වගේ කියපු එක ආයෙ ආයෙ කිය කිය හිනා වෙනවා. මිනිහගේ හිනාව දැකලා අපිට හිනා. එදා ඉතින් විවේකය දුන්නා. අපි ඉතින් කොල්ලෝ නේ කවදාවත් කෙල්ලෝ වගේ තනියම බත් න් දහවක් කන්නේ නෑනේ. ඉතින් මමයි අර පොරයි සෙට් උනා කන්න කියලා....අර සර් පන්තියෙදී කියපු විහිලු පන්තියටම අහෙන්න කිය කිය මේ පොර හිනාවෙනවා. (බත් කනකොට කතා කරන එක මට මාර පිළිකුල්).. මුගේ සද්දෙට පන්තියේ ඔක්කොම ගෑනු ළමයි සහ පිරිමි ළමයි අපේ දිහා බලනවා. මූත් එක්ක හිටියොත් මගෙ කලිසම විතරක් නෙවෙයි මගේ යට කළිසමත් ගැලවෙන බව මට වැඩි වෙලාවක් යන්න කලින් තේරුනා.ඉතින් මම පුලුවන් තරම් මිනිහව මඟ ඇරියා. කොහෙද මූ කූඬැල්ලා වගේ එල්ලීගෙන එනවා නේ.
Love Chapter (01) - Stranger
අපේ පන්තියට ආවා උපුලී කියලා අක්කා කෙනෙක්. අර පොරගෙ වයසෙමයි. ඒ අක්කි හරිම ලස්සනයි. ලස්සනයි කිව්වට එහෙමමත් නෑ ඒත් ඇහැට කනට පේන කෙල්ල හරිය. එයා ආවෙ class එකේ දෙවෙනි දවසේ. ඉතින් ආපු පළවෙනි දවසෙම මාත් එක්ක fit උනා, මොකද එයා මගෙන් තමා කලින් සතියෙ notes ඉල්ලුවෙ.මගෙත් හිත උනු වෙච්ච නිසා දුන්නා. ඔන්න ඉතින් එදා ඉඳන් ඒ අක්කයි මායි හෙන යාලුවො. අර මම ඉස්සර වෙලා කියපු අයියටත් ලොකූ ආසාවක් තිබ්බ මේ අක්කත් එක්ක යාලු වෙන්න. ඉතින් ඒ දෙන්නත් යාලුවො උනා.. උනේ කොහොමද කියලා මගෙන් අහන්න එපා! ඒක කොහොමහරි එහෙම උනා හරිය. කොල්ලා වැඩ කාරයා කියල මට එදා තේරුනා.
Love Chapter (02) - Partner
මේ දෙන්නා ඉතින් පන්තියට එකට එනවා...කතා කර කර ඉන්නවා, යද්දිත් එකට යන්නේ, සටහන් එහෙම මාරු කරගන්නවා. ඉතින් ඔහොම කරගෙන ගියා. මට ඒ දෙන්නා අතරේ එහෙම අදරයක් පෙනුනේ නෑ හරියට නිකන් හොඳ යාළුවෝ වගේ තමා පෙනුනේ. මොකද ආදරේ කරනවා නන් අතරේ ඊට වඩා සමීප සම්බන්දතාවක් තියෙන්න එපැයි.
Love Chapter (03) - Final Destination
ඔන්න ඉතින් විභාගයට මාසයක් වෙන්නත් ආවා. මමත් ඉතින් පස්ස උඩ දාගෙන ( ඒ කිව්වේ සෑහෙන මහන්සි වෙලා කියන එක හරිය )පාඩම් කරන්න , වැඩ කරන්න පටන් ගත්තා. අනිත් අයත් එහෙමයි. අර අයියා කාරයා රස්සාවකුත් කරපු නිසා පන්තියේ වැඩ ගොඩාක් අතපසු උනා. අර අක්කා පොඩ්ඩ ඉතින් සටහන් එහෙම පොටෝ කොපි ගහලා දෙන නිසා ඉතින් මිනිහට පන්ති ආවෙ නෑ කියලා පාඩුවක් උනේ නෑ.
ඔන්න ඉතින් විභහගෙට අයදුම් පත් භාර දෙන දවසෙ අර අක්කා , ඒ අයියට හමුදාවේ මාමලා දන ජාතියේ සපත්තුවක් තෑගි වශයෙන් දීලා තිබුනා (බූට් එකක්) .
එදා අයියා පන්තියට ආවේ full අස්පට් එකෙන් පව් අසරණයා. ඕක තමයි කියන්නේ කෙල්ලොන්ව විශ්වාස කරන්න එපා කියලා. ඉතින් හිතේ තිබ්බ අස්පට් එකට මිනිහට එක විෂයකට අයදුම් කරන්න අමතක වෙලා. ඉතින් තව පාරක් විභාගේ ලියන්න උනා..මට ඉතින් ඉන්න බෑනේ..මම ඉතින් වැඩි දුර පරීක්ෂණ කරලා බැලුවා...එතකොට මට හෙළිදරව් උනේ ඒ අක්කා, අයියාව අශ්‍රය කරේ යහළුවෙක් විදිහට පමණක් හා ඒ දෙදෙනා අතර එවැනි සම්බන්ධයක් තිබූ නොමැති බවත් ය.
මෙවැනි කෙටි කාලීන සම්බන්ධතා තව කොච්චර නම් ඇත්ද. වැඩකට ඇති දෙයක්යැ කර ගත්තේ?. නිකන් අපරාදේ ගෑනු පරාණයක් නිසා නාස්ති උනා. එකක් කියන්නද මට හිතෙන විදිහට. ආදරය අති වෙන්න ඕනේ කාලයත් එක්ක අතිවන සමීපත්වයත් එක්ක මිසක්, හදිස්සියෙ දකින රූපයක් එක්ක නෙවෙයි.

උඹේ පොඩි කමට ඔය තේරිච්ච තරම මැදෑ බං.
ReplyDeleteසමාජය විවිධාකාරයිනේ, එක එක විදියෙ මිනිස්සු ඉන්නව. අපේ ජීවිත කාලෙදි අපිට එහෙම මිනිස්සු මුණගැහෙනව. අමතක නොවන අත්දැකීම්, මතකයන් ඉතුරුකරල ඔවුන් ඈත්වෙල යනව. ඕක තමයි ඉතිං ජීවිතේ.
උඹ මේ වර්ඩ් වෙරිෆිකේෂන් මඟුල අයින් කරන්නෙ නැත්ද බං. කමෙන්ට් කරන එක කරදරයි. ඒක අයින් කරන්න.
ඔව් ඒක නo ඇත්ත...අඩේ කොහොමද බන් වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නේ???
ReplyDeleteමම බ්ලොග් එකක් කරන්නෙ නැති නිසා ඒ ගැන හරියටම දන්නෙ නෑ. සෙටින්ස්වල අනිවාර්යයෙන්ම ඇති මචං. පොඩ්ඩක් බලපං. හොයා ගන්න අමාරු නම් ගූගල් සර්ච් පාරක් දාපං. ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් වෙයි කරන හැටි.
Delete